Friday, August 8, 2014

සන්ධාන අපේක්ෂකයා අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකුගේ රාජකාරියට බාධා කළ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර විදානගමගේ ,හිටපු ඌව පළාත් අමාත්‍ය, මෙවර එ.ජ.නි.ස අපේක්ෂක තෙනුක විදානගම ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලීසියට නියෝග කර තිබේ.

සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකුගේ දුරකථනය පැහැරගනිමින් රාජකාරියට බාධා එල්ල කළ බවට අදාළ මැතිවරණ නිලධාරියා විසින් බදුල්ල පොලීසියට පැමිණිලි කර තිබුණි.

කෙසේ වෙතත් එකී පැමිණිල්ලට අනුව ඊයේ(07) බදුල්ල පොලීසියේ මගපෙන්වීම මත මහියංගණය පොලීසිය විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර ඇත.

ඒ අනුව අදාළ නඩුව යළි අගෝස්තු 26 දිනයට කල්තබා ඇති අතර එදිනට පෙර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ද අධිකරණය විසින් උපදෙස් ලබා දී තිබේ.

You might also like - මදි නොකියන්න තොරතුරු: