Saturday, September 26, 2015

එස්.අයි අල්ලපු ගෙදර දැරියකට නිරුවත පෙන්නලා

පුහුණුවකට ආ  උප‍ පොලිස් පරික්ෂකවරයෙකු අසල්වැසි නිවසක සිටි 9 හැවිරිදි දැරියකට නිරුවත පෙන්වීම නිසා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුවත වාර්තා වෙන්නේ ගම්පහ කටාන ප්‍රදේශයෙන්. අරලගංවිල පොලිසියට අනුයුක්තව සේවය කළ මෙම උප පොලිස් පරික්ෂකවරයා කටාන පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුවකට ඇවිත් සිටියදී මෙය සිදුව තිබෙනවා.

Tuesday, August 18, 2015

අගමැති ලෙස රනිල් අද හවසම දිවුරයි

රනිල් වික‍්‍රමසිංහ මහතා අද පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී අගමැතිවරයා වශයෙන් දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

දිවුරුම් දීමෙන් අනතුරුව ඔහු විසින් නව ඇමැති මණ්ඩලය පත් කරනු ඇත.

Tuesday, July 14, 2015

කොල්ලුපිටියේ ගින්නක්

කොල්ලුපිටිය, ප්‍රදේශයේ නිවාසයක හදිසියේ ඇති වූ ගින්නක් පොලිසිය හා ගිනි නිවීමේ ඒකකය එක්ව මැඩපවත්වා තිබේ.

කොල්ලුපිටිය, මුහන්දිරම් පාරේ, 40 වත්ත ප්‍රදේශයේ පැල්පත් නිවාසයක මෙම ගින්න හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.

Tuesday, July 7, 2015

අවසන් න‍ාමයෝජනා ලැයිස්තුව අද රාත්‍රී ජනපතිගේ අවධානයට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අවසාන නාමයෝජනා මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව අද රාත්‍රියේ දී මෙම සාකච්ඡා පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

අවසාන නාමයෝජනා මණ්ඩලය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතීත්වයෙන් යුතු හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර ඇත.

Monday, July 6, 2015

සනත් ජයසූරිය ඉල්ලා අස්වෙයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාතර ශ්‍රීලනිප සංවිධායක සනත් ජයසූරිය මහතා ස්වකීය පක්ෂ සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මේවන විට විදේශගතව සිටින සනත් ජයසූරිය සියලු දේශපාලන කටයුතු වලින් තමා ඉවත්වන බවත්, ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ කිරීමට අපේක්ෂාවක් නොමැති බවත් ජයසූරිය මහතා කියා සිටියි.

Sunday, July 5, 2015

අරජුන එ.ජා.ප. සමඟ පෙරමුණකින් එන ලකුණු!

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා ඇතුළු පිරිසක් පෙරමුණක් ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ  කිරීමට සාකච්ඡා ආරම්භ කර තිබේ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ඒ පිළිබඳව මේ දිනවල එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සමඟ සාකච්ඡා පැවැත්වෙන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීමට ගෙන ඇති තිරණයත් සමග අර්ජුණ රණතුංග මහතා ඇතුළු පිරිසක් ඊට විරෝධය පළ කර ඇති බව සඳහන්ය.

Friday, July 3, 2015

ගුවන් යානයක කොටසක් ක්‍රීඩාංගණයට වැටිලා

තලංගම, එම්.ඩී.එච් ජයවර්ධන ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩාංගණ‍යට සැහැල්ලු ගුවන් යානයක කොටසක් කඩා වැටීම ගැන පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අද පෙරවරු 7.20ට පමණ මෙය සිදුව ඇති බව දැනගන්නට ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

Monday, June 29, 2015

මහ මැතිවරණයට හිටපු ජනාධිපති මහින්ද තීරණය හෙට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ගොස් දළදා වහන්සේ වැඳ පුදාගෙන තිබේ.

ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරිම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් එහිදි මාධ්‍යවේදින් විමසීමක් කර ඇත.

ඊට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ලබන අඟහරුවාදා ඒ පිළිබද දැනගැනිමට හැකි වනු  ඇති බවයි.

Friday, June 12, 2015

මහින් සුළඟ රළුවී මාතර දෙගොඩ තලා යයි

මාතරදී පැවැත්වෙන මහින්ද සමඟ නැගිටිමු ජන රැුළිය හේතුවෙන් මේ වන විට මාතර නගරයේ දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.

රැළිය පැවැත්වෙන සනත් ජයසුරිය ක‍්‍රිඩාංගනයට ඇතුළු වී ගත නොහැකි ජනතාව ක‍්‍රීඩාපිටියෙන් පිටත රැඳී සිටිති.

පොලීසිය විසින් රථ වාහන විකල්ප මාර්ග කරා යොමු කරමින් තිබේ.

Friday, August 8, 2014

සන්ධාන අපේක්ෂකයා අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකුගේ රාජකාරියට බාධා කළ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර විදානගමගේ ,හිටපු ඌව පළාත් අමාත්‍ය, මෙවර එ.ජ.නි.ස අපේක්ෂක තෙනුක විදානගම ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලීසියට නියෝග කර තිබේ.

සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකුගේ දුරකථනය පැහැරගනිමින් රාජකාරියට බාධා එල්ල කළ බවට අදාළ මැතිවරණ නිලධාරියා විසින් බදුල්ල පොලීසියට පැමිණිලි කර තිබුණි.

You might also like - මදි නොකියන්න තොරතුරු: