Tuesday, July 14, 2015

කොල්ලුපිටියේ ගින්නක්

කොල්ලුපිටිය, ප්‍රදේශයේ නිවාසයක හදිසියේ ඇති වූ ගින්නක් පොලිසිය හා ගිනි නිවීමේ ඒකකය එක්ව මැඩපවත්වා තිබේ.

කොල්ලුපිටිය, මුහන්දිරම් පාරේ, 40 වත්ත ප්‍රදේශයේ පැල්පත් නිවාසයක මෙම ගින්න හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.

ගින්නට හේතුව කුමක්දැයි නිශ්චිතව තහවුරු වී නැති බවත්, ගෑස් කාන්දුවක් ගින්නට හේතුවන්නට ඇතැයි සැක කරන බවත්, පොලීසිය පැවසීය.

කෙසේ වුවද එම ගින්නෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නැතැයි ද පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.

You might also like - මදි නොකියන්න තොරතුරු: