Friday, July 3, 2015

ගුවන් යානයක කොටසක් ක්‍රීඩාංගණයට වැටිලා

තලංගම, එම්.ඩී.එච් ජයවර්ධන ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩාංගණ‍යට සැහැල්ලු ගුවන් යානයක කොටසක් කඩා වැටීම ගැන පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අද පෙරවරු 7.20ට පමණ මෙය සිදුව ඇති බව දැනගන්නට ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

අඩි 2ක හමාරක් පමණ දිගැති නිල් පැහැති කොටසක් මෙලෙස ක්‍රීඩාංගණයට වැටී ඇත.

‍කඩා වැටී ඇති කොටස සහිත ගුවන් යානය “සී ප්ලේන්” ලෙස හඳුන්වන බවද පැවසේ.

එය නියමුවන් රහිතව පියාසර කරමින් තිබූණේදැයි මෙතෙක් දැනගන්නට නොලැබුණු බව පොලිස්  මාධ්‍ය ඒකකය කීවේය

You might also like - මදි නොකියන්න තොරතුරු: