ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ලෙස පිරවුම්හලට ඇතුළු වු කොල්ලකරුවන් පිරිසක් නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ ඉන්ධන පිරිවුම් හලකින් රුපියල් ලක්ෂ 22ක මුදලක් කොල්ලකා පලා ගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, අයුධ පෙන්වමින් පිරවුම්හලේ සේවකයින් බිය ගන්වා කොල්ලය සිදුකර ඇති බව ය.
අද පස්වරු 1.30ට පමණ මෙම කොල්ලය සිදුව තිබේ.
WP HL 2014 අංකය දරණ සුදු පැහැති මෝටර් රථයකින් ඔවුන් පැමිණි බවට තොරතුරු අනාවරණ වී ඇත.
පස් දෙනෙකු මෙම කොල්ලය සඳහා පැමිණ ඇති බවට තොරතුරු හෙළි වී ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නිට්ටුඹුව පොලීසියේ මෙහෙය වීමෙන් පරීක්ෂණ ක්‍රියාත්මක ය.
Subscribe to:
Post Comments (Atom)
