ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසූවේ, සිම්බාබ්වේ සංචාරය අවලංගු කළ බව ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ බව ලිඛිතව තමන්ට දැනුම් දී ඇති බව ය.
නොවැළැක්විය හේතුවක් මත එම තරග සංචාරය අවංලගු කෙරෙණු බව එම ලිපියේ සඳහන් බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසී ය.
ලබන ඔක්තෝම්බර් මස 10 වන දා ආරම්භ වීමට නියමිතව තිබූ එම තරග සංචාරයට ටෙස්ට් 2ක් එක්දින තරග 3ක් සහ 20 -20 තරග 2ක් ඇතුළත්ව තිබිණ.
මෙම තරග සංචාරය අවලංගු වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම නැවත සංචාරයකට එක් වන්නේ දෙසැම්බර් 11 වැනිදා ය.
පකිස්ථානය සමග පැවැත්වෙන එම ක්‍රිකට් තරගාවලියට පන්දුවාර 20යි 20 තරග දෙකක්, එක්දින ජාත්‍යන්තර තරග 5ක් සහ ටෙස්ට් තරග 3ක් ඇතුළත් වේ.
කෙසේ වෙතත් මෙම තරග සංචාරය සඳහා දිවා රාත්‍රි ටෙස්ට් තරග ඇතුළත් කිරීමට පාකිස්ථාන ක්‍රිකට් ආයතනය කළ යෝජනාව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික‍්ෂේප කළේ ය.
Subscribe to:
Post Comments (Atom)
