Friday, August 23, 2013

දියතලාවේ දැරියගේ ඝාතකයා ජයමිණිපුර සැඟවී සිටියදී අල්ලයි

අතවරයට ලක්‌කර වයස අවුරුදු අටක දැරියක මරා දැමූ පුද්ගලයා පෙරේදා (21දා) රාත්‍රියේ දියතලාව ජයමිණිපුර ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයි දියතලාව පොලිසිය පවසයි.


දියතලාව ඇල්ලගම ප්‍රදේශයේදී කෲර ලෙස අතවරයට ලක්‌කර වයස අවුරුදු අටක දැරියක මරා දැමූ පුද්ගලයා පෙරේදා (21දා) රාත්‍රියේ දියතලාව ජයමිණිපුර ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයි දියතලාව පොලිසිය පවසයි.

දියතලාව ඇල්ලගම පාසල් කන්දේ පදිංචි නලින් ප්‍රියංකර (39) නමැති අයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.


සිද්ධියෙන් පසු මෙම පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස්‌ තිබිණි. නමුත් පෙරේදා, රාත්‍රියේ දියතලාව පොලිසියට ලැබුණු තොරතුරක්‌ මත දියතලාව ජයමිණිපුර ප්‍රදේශයේ නිවසක්‌ වටලා සිදු කළා සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

You might also like - මදි නොකියන්න තොරතුරු: