Tuesday, September 24, 2013
පුත්තලමේ පාසලක ඡන්ද පත්‍රිකා මලු 3ක් - පුත්තලම නොසන්සුන්
පුත්තලම ශාන්ත ඇන්ඩෘ මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලක් තුළ තිබී පාවිච්චි කරන ලද ඡන්ද පත්‍රිකා තොගයක් හමුවීමත් සමගම නගරයේ නොසන්සුන්තාවයක් හට ගෙන තිබේ.
ඡන්ද පත්‍රිකා තොගය හමුවු ශාන්ත ඇන්ඩෘ විද්‍යාලය ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන ගිය ස්ථානයකි.
මෙම පාසලේ ගොඩනැගිල්ලක් තුළ තිබී පොලිතින් උර 03 ක් ප්‍රදේශවාසියෙකුට හමුවී ඇත. එය පරීක්ෂා කරන විට එහි ඡන්ද පත්‍රිකා තොගයක් තිබී ඇති බව කියයි.
පසුව මේ සම්බන්ධයෙන් පුත්තලම තේරීම් බාර නිලධාරිවරයාට, සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට සහ පොලීසියටද ප්‍රදේශවාසීන් විසින් දැනුම් දී ඇත. ඒ අනුව එම නිලධාරීන්ද ඡන්ද පත්‍රිකා තොගය ඇති විද්‍යාලයට පැමිණ පරීක්ෂණ සිදු කර ඇත.
මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා පුත්තලම තේරීම් බාර නිලධාරී කිංස්ලි ප්‍රනාන්දු මහතා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය අසාර්ථක වූ බව ආරංචි වේ.
හමුවී ඇති ඡන්ද පත්‍රිකා ගණන් කර අදාළ පොත් පත් වල සටහන් කිරීමෙන් පසුව දිසා ලේකම් කාර්යාලයේ ගබඩාව වෙත ගෙන යාටම අතපසු වුවා බවද දැන ගන්නට ඇතැයිද හෙතෙම පැවසීය.
පුත්තලමේ පාසලක ඡන්ද පත්‍රිකා මලු 3ක් - පුත්තලම නොසන්සුන්
2013-09-24T18:15:00+05:30
host50
ballet papers|
Subscribe to:
Post Comments (Atom)
