ස්ත්‍රීවාදිනියක,මානව හිමිකම් ක්‍රියාකාරිණියක වූ සුනිලා අබේසේකර මහත්මිය අද (09) පස්වරුවේ ජීවිතක්ෂයට පත්වී තිබේ.
කලක සිට පිළිකා රෝගයෙන් පීඩා විඳි ඇය කොළඹ පෞද්ගලික රෝහලකදී අවසන් හුස්ම හෙළූ බව සඳහන්ය.
අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම්දෙන බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

