Tuesday, October 15, 2013

මංගල අත්අඩංගුවට

එකසත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කරන ලෙස, පැවති විරෝධතාවට පහරදීම සම්බන්ධයෙන් සැකපිට මංගල සමරවීර මහතා ඇතුළු තිදෙනෙක් සුළු මොහොතකට  පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ, සමරවීර මහතා ඇතුළු එම පුද්ගලයින් මාතර පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව ය.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ඇතුළු 11 දෙනෙකු  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත්වරයා  ඊයේ නියෝග කළේය.

You might also like - මදි නොකියන්න තොරතුරු: