සෙල්ලකතරගම මැණික් ගඟේ දියනෑමට ගිය 8 හැවිරිදි නිවුන් පිරිමි දරුවන් දෙදෙනකු ඊයේ (17) වැනි දින දියේ ගිලී මියගොස් ඇත. ඇල්පිටිය ප්‍රදේශයේ කුරුදුගහ 8 කණුව පදිංචි මෙම දරුවන් ඇල්පිටිය අනුරුද්ධ කනිටු විදුහලේ 3 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිට ඇත.
මෙම නඩයේ 14 දෙනකු සමග මෙම දරුවන්ද සිය මවුපියන් සමග පැමිණ ඇත. මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ඇල්පිටිය අනුරුද්ධ කනිටු පාසලේ 3 වැනි වසරේ ඉගෙනුම ලැබූ රෝමේෂ් හා ලක්ෂ්මික යන නිවුන් දරුවන් දෙදෙනකි.
ඊයේ 17 වැනි දින සවස 3.45ට පමණ මෙම දරුවන් සෙල්ල කතරගම දී මැණික් ගඟේදී දියේ ගිලී මියගොස් ඇත. මෙම දරුවන්ගේ පියා වන සෝමදාස මහතා පැවැසුවේ දරුවන් නාමින් සිටි අතර, හදිසියේම දියේ ගිලී අතුරුදන් වූ බව දුටු අය පැවැසූ බවය.
