සෞදි අරාබියේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු ඝාතනයට ලක්ව තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය මහතා පැවසුවේ, ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සෞදි රජය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ය.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, සෞදි අරාබියේ ආයතනයක ගිණුම් නිලධාරියෙකු ලෙස සේවය කළ මරේන් ෆර්ඩිනනඩ් නමැත්තෙකි.
42 හැවිරිදි ඔහු දෙදරු පියෙකු වන අතර කල්පිටිය, නාවක්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
