Saturday, October 5, 2013

ප්‍රභාකරන්ගේ භූ ගත බංකරයක් වනසයි

පුදුකුඩිඉරිප්පු උදයාර්කට්ටුකුලම් බටහිර ප‍්‍රදේශයේ තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ භූ ගත බංකරයක් විනාශ කළ බව හමුදාව පවසයි.

අදාළ ප්‍රදේශය බිම් බෝම්බ ඉවත් කරමින් පවතින ප්‍රදේශයක් බවද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය ප‍්‍රකාශ කළේය.

එල්.ටී.ටී.ඊ. ස්මාරක තබාගෙන සිටීමේ ප්‍රයෝජනයක් නැති කමින් ද එය පුපුරුවා විනාශ කළ බව හෙතෙම කීවේය.

You might also like - මදි නොකියන්න තොරතුරු: