Saturday, November 2, 2013

පාකිස්ථානයේ තලේබාන් නායකයා මරුට

නියමුවන් රහිත ගුවන් ප්‍රහාරයකින් පාකිස්ථානයේ තලේබාන් සංවිධානයේ නායක හකිමුල්ලා මෙෂූඩ් ජීවිතක්ෂයට පත් ව තිබේ.

ඒජන්සි වාර්තා සඳහන් කරන්නේ, පාකිස්ථානයේ උතුරු වසිරිස්ථාන් කලාපයට එල්ල වූ මෙම ගුවන් ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බව ය.

ජිවිතක්ෂයට පත් වූ මෙම  පුද්ගලයින් 4 දෙනා හකිමුල්ලා මෙෂුඩිගේ ආරක්ෂක නිලධාරීන් බවට පකිස්ථාන බලධාරීන් සැක පළ කරයි.

කෙසේවෙතත්, පාකිස්ථාන රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අමෙරිකාව එල්ල කරන නියමුවන් රහිත ප්‍රහාර තම රජය තරයේ හෙලා දකින බව ය.

මෙවැනි ප්‍රහාරවලින් සිවිල් ජීවිතවලට සිදුවන තර්ජන දිනෙන් දින ම ඉහළ යාම ඊට හේතුව යි.


තලේබාන් නායකයාගේ ඝාතනයෙන් පසු උණුසුම් තත්ත්වයක්

පකිස්ථාන‍යේ තලේබාන් සංවිධානයේ නායක හකිමුල්ලා මෙෂූඩ්ගේ ඝාතනයෙන් අනතුරුව උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

ඒජන්සි වාර්තා සඳහන් කරන්නේ අද උදෑසන අමෙරිකාවේ නියමුවන් රහිත  ගුවන් ප්‍රහාරයකින් හකිමුල්ලා මෙෂූඩ් ඝතනයට ලක් වූ බව ය.

විදෙස් වාර්තා පවසන්නේ, මෙෂූඩ්ගේ අවසන් කටයුතු සිදු කෙරෙන ස්ථානයක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බව ය.

කෙසේ වුවත් හකිමුල්ලා මෙෂූඩ්ගේ ඝාතනයෙන් අනතුරුව තලේබාන් සංවිධානයේ නව නායකත්වයට එහි අණදෙන නිලධාරී ඛාන් සෙයිඩ් සජ්නා පත් කර තිබේ.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාෂ් ෂරීෆ් තලේබාන් සංවිධානය සමග සාම සාකච්ඡා ආරම්භ කළ බව පවසා පැය කිහිපයකට පසු ව එරට තලේබාන් සංවිධානයේ නායකයා ඝාතනයට ලක් විය.

You might also like - මදි නොකියන්න තොරතුරු: