ප්‍රභාකරන් ජාතික වීරයෙක් බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමති විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.
එවැනි මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිය නිවැරදිව ක්‍රියාත්මක නොවීම නිසා “නියපොත්තෙන් කඩන්න තිබුණ දේ පොරොවෙන් කඩන්න“ සිදුව ඇති තරමට පත්ව ඇතැයිද අමාත්‍යවරයා පවසයි.
රුපියල් ලක්ෂ 239 ක වියදමින් ප්‍රතිසංස්කරණය කළ කොළඹ 12 අලුත්කඩේ සහ ඩයස්පෙදෙස මහල් නිවාස ව්‍යාපෘති අද (30) ජනතා අයිතියට පත්කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී වීරවංශ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ලබන වසරේදී කොළඹ මහල් නිවාස සියල්ල අලුත්වැඩියා කරන බවද හෙතෙම පැවසීය.
අසාර්ථක රාජ්‍යයක් ලෙස කොන්කර තිබූ රටක් අද ජාත්‍යන්තර සමුළු පවත්වන්නේ ඇල්පෙනිත්තක තරම් වරදක් නොපෙනෙන තරමට යැයිද ඔහු කීවේය.
මෙරට අද දිනෙන් දින දියුණු වන බවත් අද තියෙන්නේ ආර්ථික අමාරුකම් ප්‍රශ්නය බවත් එය ඇරෙන්න වෙනත් අමාරුකම් නැති බවත් අමාත්‍යවරයා පැවසීය.
විපක්ෂනායකවරයා ළඟ සිටිනවාට වඩා එජාප මන්ත්‍රීන් ඉන්නේ ජනාධිපතිවරයා ළඟ බවද හෙතෙම කියා සිටියේය.
Sunday, December 1, 2013
ප්‍රභාකරන් වීරයෙක් බව කී මන්ත්‍රීට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි
ප්‍රභාකරන් වීරයෙක් බව කී මන්ත්‍රීට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි
2013-12-01T19:57:00+05:30
host50
Prabhakaran|Wimal Weerawansa|
Subscribe to:
Post Comments (Atom)
