මීගමුව - කිඹුලාපිටිය - ගල්මංකඩ ප‍්‍රදේශයේ රතිඤ්ඤා කර්මාන්තශාලාවක මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන තිබෙනවා.
කෙසේ වෙතත් ප‍්‍රදේශවාසීන් විසින් එම ගින්න මේ වනවිට මැඩපවත්වමින් සිටින බවයි මීගමුව පොලීසිය සඳහන් කළේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානයට පිටත් කර හැරි බව මීගමුව පොලිස් ස්ථානයේ ප‍්‍රකාශකයෙකු කියා සිටියා.
