කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වන ගායක මදුමාධව අරවින්ද මහතා නාගරික මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය එහි නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා වෙත අද(17) බාරදී තිබේ.
මදුමාධව අරවින්ද මහතා ජාතික හෙළ උරුමයේ සාමාජිකයෙකු වන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කොළඹ මහ නගර සභාවට තරඟ කර තේරී පත් විය.
අද(17) දින කොළඹ මහ නගර සභාවේ අය වැය ඉදිරිපත් කිරීමට පෙර ඔහු මෙලෙස සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇතැයි සඳහන්ය.
