ත්‍රීකුණාමලය - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ විල්ගම්වෙහෙර ප්‍රදේශයේ වැවක්ඉදිකරමින් පැවති ස්ථානයක නතර කර තිබු ස්කැවේටර් යන්ත්‍ර දෙකක් සහ ටිපර් රථයකට කිසියම් පිරිසක්විසින් සඳුදා (16) රාත්‍රී ගිනි තබා තිබේ.
ගින්නෙන් අදාළ යන්ත්‍ර සහ ටිපර් රථය විනාශ වී ඇති අතර එහි අලාභය රුපියල්අනූ පන් ලක්ෂයක් පමණ වන බව පොලීසිය සඳහන් කරයි.
හත් දෙනෙකුගෙන් සමන්විතපිරිසක් කල්ලියක් එම ස්ථානයේආරක්ෂාවට සිටි මුරකරුට පහරදී ඔහු බැඳදමා මෙමගිනි තැබීමසිදුකර පළාගොස් ඇති අතරඋප්පුවේලී පොලීසිය සහ නාවික හමුදා ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න මැඩපවත්වා ඇත.
