Friday, December 13, 2013

මෝටර් රේස් වලට‍ පාර වැසෙන්නේ මෙහෙමයි

හෙට(14) සහ අනිද්දා(15)  පැවැත්වීමට නියමිත කොළඹ රාත්‍රී මෝටර් රථ ධාවන තරඟය හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් තාවකාලිකව වසා තැබීමට තීරණය කර තිබේ.

හෙට(14) සහ අනිද්දා යන දින දෙක තුළ පස්වරු 3.00 සිට තරඟ අවසන් වන තුරු මෙම මාර්ග වසා තැබෙන බව පොලීසීය පවසයි.

ඒ අනුව ගාලුමුවදොර වටරවුමෙන් කොටුව දෙසට මාර්ගය , රීගල් වටරවුමෙන් කොටුව දෙසට මාර්ගය, චෛත්‍යපාර වරාය දොරටුව අසළින් කොටුව දෙසට මාර්ගය, ඛාන් ඔරලෝසු කණුව වටරවුමෙන් කොටුව දෙසට මාර්ගය අදාළ කාලය තුළ වසා තැබේ.

ඊට අමතරව බැංකු මාවත ජනාධිපති මාවත හංදියෙන් පරණ පාර්ලිමේන්තු වටරවුම දෙසට මාර්ගය සහ ඕල්කට් මාවත, සී නෝර් හංදියෙන් කොටුව දෙසට මාර්ගය ද හෙට සහ අනිද්දා දෙදින තුළ පස්වරු තුනේ සිට වසා තැබීමට නියමිතය.

You might also like - මදි නොකියන්න තොරතුරු: