Monday, December 9, 2013

විදුර වික්‍රමනායක හදිසියේ රෝගාතුරු වෙයි

හදිසි රෝගාබාධ තත්ත්වයක් හේතුවෙන් කළුතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

ඊයේ පස්වරුවේ මන්ත්‍රීවරයා රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් මොහුගේ තත්ත්වය බරපතළ නොවන බවත්, ඔහු තව දුරටත් අදාළ පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් වාර්තා වේ.

You might also like - මදි නොකියන්න තොරතුරු: