මුදල් වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෙකු බදුල්ල, පුවක්ගොඩමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.මෙම පුද්ගලයා නඩු 65ක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත්ව තිබු පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.
සැකකරු 40 හැවිරිදි හම්බන්තොට, වැලිගත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
ඔහු අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.