මරදාන, දුම්රියපොළ ඉදිරිපිට ඇති මගී ගුවන් පාලමේ දමා ගිය බිළිඳියෙකු සොයාගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රී 8.40 ට පමණ යුද හමුදා සාමාජිකයකුට අදාළ බිළිඳිය හමු වී ඇති අතර ඔහු එම බිළිඳිය පොලීසියට භාර දුන් බව ය.
මාස 02 ක් පමණ වයසැති ගැහැණු දරුවෙකුවන ඇය ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.
පොලීසිය පැවසුවේ අදාළ බිළිඳිය දමා ගිය පුද්ගලයින් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව ය.
