තාවකාලිකව අත්හිටුවා තිබූ ෆොන්ටේරා සමාගමේ මෙරට කාර්යාලය හා මෙහෙයුම් යළි අරඹා තිබේ. එම සමාගමේ කිරි නිෂ්පාදනවල ඩයිසයිනමයිට් නොමැති බවට තහවුරු වීමෙන් පසු ඔවුන් මෙලෙස මෙරට තුළ මෙහෙයුම් යළි ඇරඹී ය.
ඒ අනුව ෆොන්ටේරා සමාගමේ කිරිපිටි, යෝගට්, රසකළ කිරි ආදි නිෂ්පාදන ඇසුරුම්, බෙදාහැරීම, අලෙවිය හා ප‍්‍රචාරණය යළි ආරම්භ කොට තිබේ.
පසුගිය සිකුරාදා ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා (පුද්ගලික) සමාගමේ නිෂ්පාදන අලෙවිය තහනම් කරමින් පනවා තිබූ වාරණ නියෝගය ගම්පහ දිසා අධිකරණය විසින් ඉවත් කරන ලදී.
