පහරදීමකට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටියදී බංග්ලාදේශ හිමිනමක් අපවත්වීමේ සිද්ධියට අදාළව සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අපවත් වූයේ වැලිකඩ කලපලුවාව සුදර්ශනාරාම විහාරස්ථානයේ වැඩසිටි 28 හැවිරිදි හිමිනමකි.
පහරදුන් බව කියන සිද්ධියෙන් අනතුරුව ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ උන්වහන්සේ පෙරේදා අලුයම අපවත් වූහ.
දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පැවැත්වුණු අතර මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ලබා දෙනු ලැබුවේය.
සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයාට යැවීමට නියම කර ඇති බව පොලිසිය සඳහන් කළේය.