Wednesday, August 28, 2013

මවක දූෂණය කළ සිව් දෙනා යුද හමුදා සේවයෙන් ඉවතට

තිදරු මවක දුෂණය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සාමාජිකයින් 4 දෙනා සේවයෙන් ඉවත් කර තිබේ.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය මහතා සඳහන් කළේ, හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසුරීය මහතාගේ නියෝග මත අද සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන් සේවයෙන් ඉවත් කළ බව ය.

හොරොව්පතාන  ප්‍රදේශයේ ඇගේ නිවසට පසුගිය 8වන දා ඇතුළු වී ඇති පිරිස අදාළ කාන්තාවගේ පුතා ගසක බැඳ දමා මව දූෂණය කර ඇති බව පරික්ෂණවලදී හෙළි වී තිබේ.

අනුරාධපුර ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා ද හමුදා සේවයේ ‍නිරතවූවෙකු බව ය.

එක් පුත්‍රයෙකු ගුවන් හමුදා සාමාජිකයෙකු වන අතර අනෙක් පුත්‍රයා යුද හමුදා සාමාජිකයෙකු බව පොලීසිය සඳහන් කළේ ය. සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

You might also like - මදි නොකියන්න තොරතුරු: