කුරුණෑගල ප්‍රදේශයේදී පැහැර ගත් කුලියාපිටිය බස් නැවතුම්පොළේ වේලා සටහන්කරුවෙකු ඊයේ අලුයම ජාතික රෝහල ඉදිරිපිට දමාගොස් තිබේ.
නගරයේ සිට නිවස බලා යමින් සිටියදී පෙරේදා පස්වරු 6.30ට පමණ සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් එම පැහැර ගැනීම සිදුකර තිබුණි.
ඔහු එම අවස්ථාවේ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියේය.
කුරුණෑගල, ගොඩ්ලික් වත්තේ පදිංචි එන්.ඩබ්ලිව්.විජේවර්ධන නමැති අයෙකු එලෙස පැහැරගෙන ගොස් තිබුණි.
ඔහු අප සමග පැවසුවේ පුද්ගලයින් හය හත්දෙනෙකු පැමිණ ඇද් දෙක බැඳ මාංචු දමා තමාව පැහැර ගත් බව ය.
අනතුරුව තමන්ගෙන් ප්‍රශ්න කළ ඔවුන් කොළඹ ජාතික රෝහල ඉදිරිපිටට දමා ගිය බව පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයා වැඩිදුරටත් කියා සිටියේය.
ඔහුගේ බිරිඳ අප සමග පැවසුවේ පාරේ රැගෙන යාමට හෝ රෝහලට රැගෙන යාමට බිය බැවින් නිවස තුළ තබා ගනිමින් සිය ස්වාමි පුරුෂයාට සිංහල බෙහෙත් කරන බව ය.
Subscribe to:
Post Comments (Atom)
