ළමා අපයෝජන චෝදනා එල්ලවී ඇති නුවරඑළිය නියෝජ්‍ය නගරාධිපති තිස්ස සෙනෙවිරත්න මහතාට රටින් පිටවීම තහනම් කරමින් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් නියෝජ්‍ය නගරාධිපතිවරයාට එරෙහිව අධිකරණයට ගොනුකර ඇති මෝසම අද (23) කැඳවීමෙන් පසු පැමිණිලිකරුවන් විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම නියෝගය කළ බව පවසයි.
විවෘත වරෙන්තු ලබා අධිකරණය මග හැර සිටින නියෝජ්‍ය නගරාධිපතිවරයා රටින් පිටවීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙසත්, එහි පිටපත් ජාතික බුද්ධි අංශ ප්‍රධානියාටත්, මත්තල හා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආගමන විගමන පාලකවරුන්ටත් යවන ලෙසත් ළමා ආරක්ෂණ අධිකාරිය විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කරන ලදී.
එසේම අපයෝජනයට ලක්වූ බව කියන දරුවන් නුවරඑළිය පරිවාස හා ළමාරක්ෂක නිලධාරිවරයාට භාරදීමේදී දරුවන්ට යම් බලපෑමක් එල්ල කර ඇති බව දරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් පෙන්වාදී තිබේ.
නඩුවේ වැඩිදුර විභාගය එළඹෙන 26 වන දිනට කල්තැබීමට වැඩබලන මහේස්ත්‍රාත්වරයා තීරණය කර ඇත.
Subscribe to:
Post Comments (Atom)
