Monday, October 28, 2013

ලක්ෂ 70ක හොර නෝට්ටු - තිදෙනෙකු අත්අඩංගුවට

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මාලඹේ ප‍්‍රදේශයේ කරන ලද වැටලීමකදී රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා රුපියල් දෙදහසේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සොයා ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ පවත්වනු ලබන අතර රුපියල් දෙදහසේ මුදල් නෝට්ටු වල ඇති අනුක‍්‍රමික අංකය P 67799159 වේ.

රුපියල් දෙදහසේ මුදල් නෝට්ටු ගනුදෙනු කිරිමේදි මෙම අංකය සඳහන්ව ඇත්නම් එය ව්‍යාජ මුදල් නෝට්ටුවක් විය හැකි බැවින් එය ළගම ඇති පොලිස් ස්ථානයට භාරදෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලයි.

රුපියල් දෙදහසේ නෝට්ටු මුද්‍රණය කර ගනුදෙනු කිරිමට යොදා ගෙන ඇති බවට සැකකෙරෙන නිසා රුපියල් දෙදහසේ නෝට්ටු භාවිතා කිරීමේදි දිය සලකුණ, පැහැය ආදිය පිළිබඳ විමසිලිමත් වන ලෙසද පොලීසිය ජනතාවට දැනුම්දෙයි.

මාලඹේ ප්‍රදේශයෙන් සොයා ගත් රුපියල් ලක්ෂ 70 ක වටිනාකමින් යුත් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ මෙහි ප්‍රධාන සැකකරු මීගොඩ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු බව ය.

32 හැවිරිදි ප්‍රධාන සැකකරු මීට පෙර අවස්ථා හතරකදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ව ඇප මත මුදා හැර සිටින අයකු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය‍.

You might also like - මදි නොකියන්න තොරතුරු: