මේ වන විට ආණ්ඩුවේ නවතම සංකල්පය වී ඇත්තේ නගරයයි, කැසිනෝවයි, පාතාලයයි, ගණිකා මඩමයි බව එ.ජා.ප. මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
සභ්‍යප්තයයි, සදාචාරයයි සම්බන්ධයෙන් කතා කරන ලද ආණ්ඩුවේ ඇතැම් පුද්ගලයින් කැසිනෝ ගැසීමට සුදානම් වන බවද අද (30) කොළඹ පැවති මාධ්‍ය හමුවදී ඔහු සඳහන් කළේය.
මෙම ආණ්ඩුව විසින් මුදල් සෙවීම සඳහා ඕනෑම දේයක් කරන බවත්, කැසිනෝ ව්‍යාපාරය මෙරටේ ව්‍යාප්ත වීමෙන් පසු ගණිකා වෘත්තීය, පාතාලය වැනි දේ වර්ධනය වන බවත් හෙතෙම සඳහන් කර සිටියේය.
එසේම මේ වන විට ආණ්ඩුව පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළු හීන ගඟේ කිමිදෙමින් සිටින බවත්, රටේ ජනතාවට ප්‍රශ්න තියාගෙන ආණ්ඩුව පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළු වසන්තයක් ගැන කතා කරමින් සිටින බවත් හෙතෙම කීවේය.
තවද පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට මුවාවෙන් ආණ්ඩුව විසින් නටන නාඩගම් වහාම නතර කරන ලෙස ඉල්ලා සිටින බව කරුණාතිලක මහතා එහිදී පැවසීය.
පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා වැය වන වියදම් සම්බන්ධයෙන් සොයා බැලීමට විගණන අංශ වලට අංජනන් එළි යැවීමට සිදුවන බවද ඒ මහතා සඳහන් කර සිටියේය.
එසේම පොදු රාජ්‍ය මණ්ඩලයීය රජ්‍ය නායක සමුළුව සඳහා කැනඩාව නොපැමිණෙන බව පවසා ඇති බවත්, ආණ්ඩුව මේ වන විට කළ යුත්තේ රටේ ප්‍රතිරූපය සකස් කර ගැනීම බවත් ඔහු පැවසීය.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේවන විට කකුළුවෙකු ලෙස හැසිරෙන බවත්, ආණ්ඩුවේ සිටින නායකයින් ඇදේට ගොස් පොඩි මිනිසුන්ට කෙළින් යෑමට පවසන බවත් හෙතෙම කීවේය.
තවද මේ වන විට නිදහස් අධ්‍යාපනය ලබන පාසල් සිසුන් ලොතරැයි පත් විකුණන බවත්, ධීවරයින් සඳහා ලබාදෙන බවට ආණ්ඩුව විසින් පොරොන්දු වූ ඉන්ධන සහනාධාරය ලබා නොදුන් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
එම මාධ්‍ය හමුව ඇමතූ ඌව පළාත් සභාවේ පළාත් සභා මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කර සිටියේ තමන්ගේ නමේ අගට කොටසට රාජපක්ෂ යන නාමය තිබේනම් ඕනෑම වැඩක් කරගත හැකි බවත්, මෙරටේ අග්‍රාමාත්‍යවරයා වන දී.මූ. ජයරත්න මහතාගේ පුතාටද මහ ඇමතිකම් ලබා නොදුන්නේ නමේ අගට රාජපක්ෂ නාමය නොතිබු හෙයින් නිසා බවයි.
මේ වන විට රටේ කතා බහට ලක්ව ඇති කැසිනෝ යනු දෙවියෝ නැති තැන පෙරේතයෝ පිලුම් ගසනවා වැනි දෙයක් බව ඒ මහතා එහිදී කියා සිටියේය.
පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා ශ්‍රී ලංකාවට රටවල් 33ක් සහභාගී වන බව ආණ්ඩුව විසින් අසත්‍ය ප්‍රචාර ගෙන යන බවත්, නමුත් සැබැවින්ම සහභාගී වීමට මේ වන විට පවසා ඇත්තේ රටවල් 13 බවත්, එම රටවල් වලිනුත් වැඩි වශයෙන්ම ඇත්තේ අප්‍රිකානු රටවල් බවද හෙතෙම සඳහන් කළේය.
එසේම මේ වන තෙක් විපක්ෂය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුවට නිල ආරාධනාවක් කර නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Wednesday, October 30, 2013
ආණ්ඩුවේ නවතම සංකල්පය නගරයයි, කැසිනෝවයි, පාතාලයයි, ගණිකා මඩමයි
ආණ්ඩුවේ නවතම සංකල්පය නගරයයි, කැසිනෝවයි, පාතාලයයි, ගණිකා මඩමයි
2013-10-30T23:39:00+05:30
host50
Gayantha|karunathilaka|politics|unp|
Subscribe to:
Post Comments (Atom)
