පාඩු ලබන දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබිය යුතු විශාල මුදලක් දුම්රිය ස්ථානාධිපතිවරයෙකු විසින් වංචා කරනු ලැබූ පුවතක් හික්කඩුවෙන් වාර්තා වේ.
'හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා කඩා වැටීමක්' බඳු මෙම වංචාව සිදු කර ඇත්තේ, හික්කඩුව දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ය.
ඔහු දුම්රිය වාර ප්‍රවේශ පත් අලෙවියෙන් ලැබුණු රුපියල් ලක්ෂ 10ක පමණ මුදලක් වංචා කර ඇති බව අනාවරණය වී තිබේ.
දුම්රිය වාණිජ අධිකාරි සිසිර කුමාර මහතා සඳහන් කළේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදුකළ පරීක්ෂණයකින් ඒ බව අනාවරණය වූ බව ය.
පසුගිය වසර දෙකක කාලයක් තුළ එම වංචා කිරීම් සිදු කර තිබේ.
හික්කඩුවේ සිට කොළඹට පැමිණීමට අය කරනු ලබන රුපියල් 3450.00ක මුදල අම්බලන්ගොඩ දක්වා රුපියල් 440.00ක් ලෙස සටහන් කර ඉතිරි මුදල දුම්රිය ස්ථානාධිපතිවරයා ලබාගෙන ඇතැයි අනාවරණය කර ගත් බව සිසිර කුමාර මහතා ප්‍රකාශ කළේ ය.
මේ වන විට, හික්කඩුව දුම්රිය ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ.
Subscribe to:
Post Comments (Atom)
