Thursday, October 31, 2013

හෙට සිට බස් ගාස්තු වැඩිවෙන්නෙ මෙහෙමයි

හෙට සිට බස් ගාස්තු 7% කින් ඉහළ දමන බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.

දැනට රුපියල් 9ක් වන සාමාන්‍ය බස් රථවල අව ම ගාස්තුවේ වෙනසක් සිදු ව නොමැත.

රුපියල් 12 - 27 දක්වා ගාස්තුව  - රුපියලකින් ඉහළට

රුපියල් 30 - 34 දක්වා ගාස්තුව  - රුපියල් දෙකකින් ඉහළට 

රුපියල් 34 -  48  දක්වා ගාස්තුව - රුපියල් තුනකින් ඉහළට

ඒ අනුව මෙතෙක් පැවති උපරිම බස් ගාස්තුව වූ රුපියල් 662ක රුපියල් 708ක් දක්වා රුපියල් 46කින් ඉහළ යනු ඇති.

මෙම වැඩිවීමට සමගාමී ව නගරාන්තර සේවා හා සුඛෝපභෝගී  බස් රථ ගාස්තු ද ඉහළ දමා තිබේ.

මේ මස 12 වන දා මෙම බස් ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ එය පිළිනොගන්නා බව පැවසූ සමස්ත ලංකා බස්රථ හිමියන්ගේ සමිති සමිමේලන අද ප්‍රකාශ කළේ, ප්‍රමාණවත් නොවුණ ද තමන් ද මෙම බස් ගාස්තුව හෙට සිට ක්‍රියාත්මක කරන බව ය.

You might also like - මදි නොකියන්න තොරතුරු: