Saturday, October 26, 2013

බලංගොඩ නගරයේ රෙදිපිළි අලෙවිසලක් ගිනි ගනී

බලංගොඩ නගරයේ ප්‍රධාන වීදියේ මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිට පිහිටි රෙදිපිලි අලෙවිසලක් සෙනසුරාදා (26) උදේ හදිසියේ ගිනි ගන්නට පටන් ගැනීමත් සමග මුළු නගරයම නොසන්සුන් තත්ත්වයට පත් වී තිබේ. දැවැන්ත වාහන තදබදයක් නගරය පුරා පවතී.

අවට වෙළෙඳසල්වලට ගින්න පැතිරී යාම වැළැක්වීම සඳහා මේ වනවිට බලංගොඩ නගර සභාවේ ගිනි නිවන රථ,බලංගොඩ පොලිස් නිලධාරින් එම ස්ථානයට පැමිණ සිටී.

බලංගොඩ වෙළෙඳ සංගමයේ නිලධාරින්,පළා‍ත්වාසීන් සහ ව්‍යාපාරික ජනතාව පොලිසිය හා ගිනි නිවන භටයින් සමග එක් වී ගින්න නිවා දැමීමට මේ වනවිට ක්‍රියා කරමින් සිටිති. ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

බලංගොඩ නගරයේ විදුලිය විසංධි කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන ති‍බේ.

You might also like - මදි නොකියන්න තොරතුරු: