වයස අවුරුදු 14ක් වූ පාසල් දැරියක් ඉන්දියාවේ පන්ජාබ්හි අම්රිස්ට්‍රා නගරයේදී සමූහ දුෂණයකට ලක්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම දූෂකයන් කණ්ඩායම විසින් ඇයගේ වැඩිමහල් නැගණිය ද මීට පෙර ලිංගික අපයෝජනයට ලක් කර ඇති අතර ඒ පිළිබඳව ඔවුන් පොලීසියට පැමිණිලි කිරීම නිසා ඊට පලිගැනීමක් වශයෙන් අදාළ පාසල් දැරිවිය සමූහ ලෙස දූෂණය කර ඇතැයි පැවසේ.
දූෂණය කිරිමෙන් පසු පොලීසියට පැමිණිලි නොකරන ලෙසට ද අදාළ පිරිස තර්ජනය කර තණද ඔවුන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
