කොළඹ - කටුනායක අධිවේගය ජනපති ජනතා අයිතියට
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය කැලණි පාලම අසල පෑලියගොඩ අන්තර්හුවමාරු මධ්‍යස්ථානයේදී මීට ටික වේලාවකට පෙර විවෘත කරනු ලැබීය. රටේ පළමු පුරවැසියා වූ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාම මෙම මාර්ගයේ පළමුවරට රිය පදවමින් මෙම මාර්ගය ජනතා අයිතියට පවරණු ලැබීය.
අන්තර් හුවමාරු මධ්‍යස්ථාන තුනකින් සහ මංතීරු හතරකින් සමන්විත මෙම මාර්ගය කිලෝමීටර් 25. 8ක දුරකින් යුක්තය. මෙම මාර්ගය E-03 ලෙස හැඳින්වේ. එම මාර්ගය ඉදි කිරීමට අමෙරිකානු ඩොලර් මිලියන 350 ක් වැය වී ඇත.
පැයට කිලෝමීටර් 100ක පමණ වේගයකින් ගමන් කළ හැකි වන පරිදි ඉදිකර ඇති මෙම මාර්ගයේ කටුනායක සිට කොළඹට විනාඩි 20ක පමණ කාලයකින් ගමන් කිරීමට හැකියාව පවති.
පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා පැමිණෙන නායකයින්ගේ ගමන් පහසුවද මෙමගින් ඉලක්ක කරගනී.
