හසලක ඉඩමක් විකිණු මුදල් රැගෙන අනුරාධපුර විහාර හල්මිල්ලෑවට ආ පිරිසෙන් පස් දෙනකු මහ රෑ මන්නයකින් කපා මරා රුපියල් ලක්ෂ දෙකහමාරකට ආසන්න මුදලක් සොරාගෙන ගිය හිටපු හමුදා සෙබළෙක් පැය 12 ක් යන්නටත් පෙර අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අනුරාධපුරයේ දහයියාගමදී කොළ කැඳත් බී බසයෙන් හසලකට ගිය ඔහු නබ්බුකාර ගමගේ ජගත් කුමාරයි .ඔහු බකමුණේ පදිංචි කරුවෙකි.
ඔහු ඒ වන විට රුපියල් අසුපන්දාහක් වැය කර රන් මාලයක් හා අත් පළදනාවක්ද මිලට ගෙන ඇත. ඔහු ළග රුපියල් එක්ලක්ෂ තිස්හත්දහසක් ඉතිරිව තිබු බවත් ඝාතනයට පෙර ඔහු මත් පැන් බී සිටි බවත් පොලිසිය පවසයි .
ඝාතකයා බව කියන ජගත් කුමාර හසලක ප්‍රදේශයේ සිය හිතවතකු වන ප්‍රියන්ත සමග ඔහුගේ නිවසට පැමිණ රාත්‍රියේ මත් පැන් බී ඇතැයි ද මුලින්ම මරා දමා ඇත්තේ ප්‍රියන්තගේ මව බවද කියති.ඉඩම විකුණා හසලකින් ගෙන ආ මුදල් සොරකම් කිරීම ඝාතකයාගේ අරමුණ වී ඇත.
හිටපු හමුදා සෙබළා දස අතේ ණය වී ත්‍රිරෝද රියට වාරිය ගෙවා ගැනීමට නොහැකිව සිටි බවද පොලීසිය කියයි.
මන්නයෙන් කොටා මහ රෑ පස් දෙනා මරා මුදල් ද ගෙන මිතුරාගේ කමිසයක්ද ඇද ගෙන ඔහුගේම පා පැදියෙන් ටික දුරක් ගොස් බසයෙන් හසලකට ගිය ද පොලීසිය ඔහු අල්ලා ගත්තේය.
මුදල් සොරකම ඔහුගේ එකම අරමුණ වුවත් මිතුරාගේ මව මරද්දී මිතුරාද ඔහු මරද්දී සෙසු අයද අවදි වීම නිසා සාක්කි ඉතිරි නොකිරීමට ඔහු මේ අපරාධය කරන්නට ඇතැයි පොලීසිය කියයි.ඒත් සාක්කියක් ඉතිරි වී ඇත.
Wednesday, November 6, 2013
පංච පුද්ගලයේ ඝාතනයේ සැකකරු එළි වන විට කූඩුවේ
පංච පුද්ගලයේ ඝාතනයේ සැකකරු එළි වන විට කූඩුවේ
2013-11-06T22:57:00+05:30
host50
family|five|five person|hasalaka|murder arrested|police|
Subscribe to:
Post Comments (Atom)
