මානසික වෛද්‍ය විශේෂඥ නීල් ප්‍රනාන්දු මහතාගේ නිර්දේශ මත සක්විති
රණසිංහට මානසික ප්‍රතිකාර ලබාදීම සඳහා සුදුසු පියවර ගැනීමට කොළඹ මහාධිකරණ
විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය බන්ධනාගාර නිලධාරීන්ට අද, සිකුරාදා (08)
නියෝග කළාය.
විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා
සක්විතිගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝම්බර් 21 වැනිදා වෛද්‍ය
වාර්තාවක් නිකුත් කර ඇත.
ඒ ඔහුට නගා තිබූ චෝදනා සම්බන්ධයෙන් සක්විති වරද පිළිගෙන තිබූ බැවින්ය.
වැඩිදුරටත්
සක්විති රණසිංහ යහපත් මානසික මට්ටමක සිටිනවාදැයි පරීක්ෂණ පැවැත්වීමට හා
ඔහු ප්‍රතිකාර සඳහා යොමු කිරීමට මහාධිකරණ විනිසුරුවරිය සිකුරාදා නියෝග
කළාය.
නිශානි ලසිතා හේරත්
