Wednesday, November 20, 2013

රවී, දයා බොදු බල සේනාවෙන් සමාව ගත්තාට රනිල්ගෙන් කුණු බැණුම්

සිරිකොත මූලස්ථානයට අනවරසයෙක් ඇතුළු වූ බොදු බල සේනාවේ භික්‍ෂූන් වහන්සේලාට පහර දී අඩත්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් සමාව ගැනීම ගැන මන්ත‍්‍රී රවි කරුණානායකට සහ දයා ගමගේ යන මහත්වරුන්ට පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇතැයි වාර්තා වේ.

බොදු බල සේනාවෙන් සමාව ගැනීම රවී කරුණානායක හා දයා ගමගේගේ ‘පණ්ඩිත වැඩක්’ යයිද පවසා ඇති වික‍්‍රමසිංහ මහතා ‘සමාව ගන්න කියා කියුවේ කවුද’ යයි විමසීමේදී මන්ත‍්‍රීවරුන් කරබාගෙන සිටි බවද වාර්තා වේ.

පක්‍ෂ නායකත්ව මණ්ඩලයේ නිසි අවසරයකින් තොරව මෙම සමාව ගැනීම ගැන මීළඟ නායකත්ව මණ්ඩලයේදී දැඩිව ප‍්‍රශ්ණ කිරීමට තීරණය කර ඇතැයිද සිරිකොත ආරංචි මාර්ග කියයි.

You might also like - මදි නොකියන්න තොරතුරු: