Wednesday, November 20, 2013

බස් රථ 2ක් අතරට පුද්ගලයෙකු සිර වී මරුට

වැලිවේරිය, බැළුම්මහර, මුදුන්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික රථ ගාලක් තුළ මාරක රිය අනතුරක් සිදුව තිබේ.

රථගාලේ නවතා තිබු බස් රථයක් වෙනත් ස්ථානයකට රැගෙන යාම සඳහා බස් රථය පසුපසට ගන්නා අවස්ථාවේ දී බස් රථය සහ තවත් බස් රථයක් අතර පුද්ගලයෙකු සිරවීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

මියගිය පුද්ගලයා එම රථ ගාලේම සේවකයෙකු බව සඳහන් වෙයි.

අනතුරින් මියගොස් ඇත්තේ 18 හැවිරිදි බදුල්ල - බොරගහලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද(20) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

You might also like - මදි නොකියන්න තොරතුරු: