පොලීසියට ලැබුණු තොරතුරුක් අනුව පොල්ගහවෙළ නගරයේ පාසලක කරන ලද සෝදිසියකදි 13 වසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 18 ක සිසුවෙකු ළඟ තිබි හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය පැකට් 03 ක් සොයාගෙන තිබේ.අදාළ ශිෂ්‍යයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොල්ගහවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එසේම මෙම ශිෂ්‍යයාට මත්ද්‍රව්‍ය සැපයු තවත් පුද්ගලයෙකු පොල්ගහවෙළ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බවත්, ඔහු භාරයේ තිබී තවත් මත්කුඩු පැකට් දෙකක් සොයාගෙන ඇති බවත් පොලීසිය කියා සිටියි.
ශි‍්‍ර ලංකාවේ පාසල් පද්ධතිය තුළට හෙරොයින් වැනි මත්කුඩු සංක‍්‍රමණය වීම ඉතා කනගාටුදායක තත්ත්වයක් බවත්,පාසල් යන පිරිමි දරුවන් වැඩිපුර මුදල් වියදම් කරන්නේ නම් ඔවුන්ගේ චර්යාවේ වෙනසක් ඇත්නම් ඒ පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරවිය යුතු බවත් පොලීසිය මව්පියන්ගෙන් ඉල්ලා සිටියි.