Monday, December 2, 2013

තානාපති කාර්යාලයේ ගණකාධිකාරිවරයා ජල තටාකයෙන් අවසන් ගමන් යයි

ශ්‍රී ලංකාවේ සවුදි තානාපති කාර්යාලයේ ගණකාධිකාරී හුසෙන් මූසින් සිය ළමයා සමග ඔහු නවාතැන්ගෙන සිටි බම්බලපිටියේ තට්ටු නිවාස සංකීර්ණයේ ජල තටාකයේ අද සවස නාමින් සිටියදී දියේ ගිළී මියගොස් තිබේ.

43 හැවිදිරි මුසීන් සිය 15 හැවිරිදි ළමයා සමග ජල තටාකයේ නාමින් සිටියදී මෙලෙස දියේ ගිළි මියගොස් ඇති බව පොලීසිය කියයි.

ගණකාධිකාරිවරයා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළත් ඒ වන විටත් මියගොස් සිට ඇති අතර හදිසියේ ඇති වූ හෘදයාබාධයක් ඔහුගේ මරණයට හේතුව බව සැක කරයි.

ජල තටාකයේ ගිළී මියගොස් ඇත්තේ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් තානාපති කාර්යාලයේ නිලධාරියෙකු බව පොලීසිය මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

You might also like - මදි නොකියන්න තොරතුරු: