Thursday, December 5, 2013

බිංදු-සමන් ගැටුම බොරැල්ල පොලීසියේදී ෂේප් වෙයි

ඉකුත් 30 වැනි දින වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශණයකදී පහර දුන්නේ යයි කියන සිද්ධය සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ ගායන ශිල්පී ගායක සමන් ද සිල්වා මහතා සහ පහරදුන්නේ යයි චෝදනා ලබා සිටින දකුණු පළාත් සභා කෘෂිකර්ම ඇමති බිංදු වීරසිංහ සමථයකට පත් කරගන්නට දෙපාර්ශවයට තීරණය කර තිබේ.

බොරැල්ල පොලීසියට පැමිණි ඇමති බිංදු වීරසිංහ මහතා සමන්ද සිල්වා සමග අදාල ගැටලුව සමථයකට පත් කර ගෙන ඇත.

කෙසේ වෙතත් මෙහිදී අමාත්‍ය බිංදු පැවසුවේ තමා සමන් ද සිල්වා මහතාට පහර නොදුන් බැවින් සමාව ගැනීමක් සිදු නොකල බවයි.

You might also like - මදි නොකියන්න තොරතුරු: