නැගෙනහිර පළාතේ පැවති අයහපත් කාළගුණික තත්ත්වය පහව යාමත් සමඟ ධීවරයින් නැවතත් තම රැකියා කටයුතු ආරම්භ කර තිබේ.
පසුගිය සති දෙකක කාලය තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ධීවර කටයුතු සම්පුර්ණයෙන් ඇනහිට තිබුණි.
මඩකළපුව දිස්ත්‍රික්කයේ එරාවුර්, සවුක්කඩි, පුන්නකුඩා, කළුවන්කේණි, වාලච්චේන සහ වාකරේ යන ප්‍රදේශ වලට මෙම තත්ත්වය දැඩිව බලපා තිබු බව සඳහන්.
කෙසේ වෙතත් මේ වන විට ප්‍රදේශයේ කාලගුණික තත්ත්වය සම්පුර්ණයෙන්ම යහපත් තත්ත්වයට පත්ව ඇත.
