Wednesday, May 7, 2014

පුරහල හිරවෙයි

කොළඹපුරහල  ප්‍රදේශය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලීසිය පවසයි. ඒසරසවි සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙනි.

කෙසේ වෙතත් මෙම විරෝධතාවය නීති විරෝධී බවද පැවසේ. කොල්ලුපිටිය, කුරුඳුවත්ත හා කොම්පඤ්ඤවීදිය පොලිස්වසම්වල පෙළපාළි හෝ උද්ඝෝෂණ නොපවත්වනලෙස අන්තර් විශ්ව විද්‍යාලශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් 17 දෙනකුට කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අඟහරුවාදා (7) නියෝග කළේය.


ඒ අනුව ඩීන්ස් පාර,  ලිප්ටන් වටරවුම, ද සොයිසා වටරවුම, ධර්මපාල මාවත, කොල්ලූපිටියහන්දිය,  ආනන්ද කුමාරස්වාමි මාවත, මල් පාර, ග්‍රීන් පාත්, මාකස්ප්‍රනාන්දු මාවත, ඇල්බට් ක්‍රෙසන්ට්, සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර මාවත, වෝඩ් පෙදෙස, බෞද්ධාලෝක මාවත, කිංසි පාර, ජේම්ස් පීරිස් මාවත, උත්තරානන්දමාවත, ආර් ඩී මෙල් මාවත, ගාලූ පාර, ඩුප්ලිකේෂන් පාර යන මාර්ගවල උද්ඝෝෂණ තහනම් කොට තිබිණි.

විරෝධතාකරුවෝ කුරුඳුවත්ත පොලිසිය දෙස සිට කොල්ලුපිටිය දෙසට ඇදෙනු දැකිය හැකි විය.

You might also like - මදි නොකියන්න තොරතුරු: