Sunday, May 11, 2014

ජනපතිවරණයක්‌ ද මහ මැතිවරණයක්‌ ද? තීරණය ජනපති අතේ!

ඉදිරියේදී ප්‍රථමයෙන් පැවැත්වෙනුයේ ජනාධිපතිවරණයක්‌ ද, පාර්ලිමේන්තු මැතිවරණයක්‌ ද යන්න අවසාන වශයෙන් තීරණය කරනුයේ ජනාධිපතිවරයා විසින් යෑයි ආණ්‌ඩුවේ ප්‍රධාන පෙළේ ඇමැතිවරයෙක්‌ zදිවයින ඉරිදා සංග්‍රහයZට පැවැසීය.

ජනාධිපතිවරයා විසින් ප්‍රථමයෙන් මේ පිළිබඳව ආණ්‌ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන්ගෙන් හා සන්ධානයේ පක්‍ෂ නායකයන්ගෙන් ද අදහස්‌ විමසා බලා ඒ පිළිබඳ අවසන් නිගමනයකට පැමිණෙන බව ද හෙතෙම සඳහන් කළේය.

හදිසි මැතිවරණයකට යැම සම්බන්ධයෙන් ආණ්‌ඩුව තුළ සාකච්ඡා වී ඇති අතර, එහිදී ප්‍රථමයෙන් මහ මැතිවරණයකට යැම උචිත බව ආණ්‌ඩුවේ ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරු පිරිසකගේ යෝජනාව වී තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධව අවසන් තීරණය ජනාධිපති සතුවන බව ඉහත ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

You might also like - මදි නොකියන්න තොරතුරු: