Friday, May 16, 2014

සිංහපාදයේ දී බඹරු ඇන තිහක් රෝහලේ

සීගිරිය සිංහපාදය අසලදී අද (15) පෙරවරුවේ එල්ල වූ බඹර ප්‍රහාරයකින් විදේශිකයන් ඇතුළු තිස් දෙනෙක් පමණ තුවාල ලබා සීගිරිය රෝහලට ඇතුළත් කර තිබේ. තුවාලකරුවන් රෝහල වෙත රැගෙන යාමට සීගිරිය පොලිසිය,මග පෙන්වන්නන් සහ සීගිරිය නිලධාරින් වහා කටයුතු කළහ.

සීගිරිය රෝහලට ඇතුළත් කරනලද රෝගීන්ගෙන් හතර‍ දෙනෙක්ගේ තත්ත්වය බරපතල වූ බැවින් ඔවුන් දඹුල්ල රෝහල වෙත රැගෙන යනු ලැබීය.

සිංහපාදයෙන් ඉහළට ගොස් සිටි පිරිස් නිරුපද්‍රිත පහළට රැගෙන ඒම සඳහා සීගිරිය ගුවන් හමුදා කඳවුරේ සහය ලබාගත් බව සීගිරිය මූලස්ථාන පොලිස් පරීක්ෂක පො.ප.ප්‍රදීප් කුමාර මහතා පැවසීය.

You might also like - මදි නොකියන්න තොරතුරු: