වසරේ මේ දක්වා කාලය තුළ රුපියල විදේශිය මුදල් ඒකක ගණනාවකට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එහිදී ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 2.39 කින් ජපන් යෙන් වලට සාපේක්ෂව සියයට 2.9 කින් අවප්‍රමාණය වී ඇති බව සඳහන් ය.
මේ අතර ඉන්දියානු රුපියට සාපෙක්ෂව සියයට 3.11 කින් හා යුරෝවට සාපෙක්ෂව සියයට 0.1 කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේය.
කෙසේ වෙතත් අදාළ කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 0.16 කින් අධිප්‍රමාණය වී ඇතැයි සඳහන් ය.
