අනුරාධපුර වාරිමාර්ග ඉංජිනේරු නිල නිවසක් තුළ කාන්තාවක් සහ පුද්ගලයෙකු ගෙල වැලලාගෙන මියගොස් තිබේ.අනුරාධපුර පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ සෝදිසියක දී මළ සිරුරු සොයාගෙන ඇත.
මියගොස් ඇත්තේ මයිලගස් හන්දිය, බුද්ධගයා මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි පුද්ගලයෙකු සහ තලාතුඔය, බුටාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි කාන්තාවකි.
සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.