Tuesday, June 17, 2014

මරණ 2 යි - 44ට තුවාලයි - නිතරම සොයා බලන බව අගමැති කියයි

අලුත්ගම-බේරුවල ඇතිවූ සිදුවීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී 44 දෙනෙකු තුවාල ලබා ඇති බව අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා පවසයි.

තුවාල ලැබූවන් අතර පොලීසියේ 6 දෙනෙකු, භික්ෂුන් වහන්සේ කෙනෙකු ද සිටින බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ අද (17) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.

ඊයේත් අද දිනයේත් තමන් එකී සිදුවීමට අදාළව පසු විපරම් කළ බවත්, පොලිස් අධිකාරී කාර්යාලය,දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය සමග සම්බන්ධීකරණය වෙමින් තමන් නිරන්තරයෙන් තත්ත්වය පිළිබඳ සොයා බලන බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

මේ අතර බොදුබල සේනා සංවිධානයේ නායක පූජ්‍ය කිරම විමලජෝති හිමියන් කියා සිටියේ තම සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ඇතැම් ක්‍රියා කලාපයන් තමන් අනුමත නොකරන බවයි.

අලුත්ගම-බේරුවල ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් තමන් ඉතාමත් කනගාටුවට පත්වන බවත්, දර්ගා නගරයේ රැස්වීමක් පැවැත්වීම හෝ එහි දේශනයක් පැවැත්වීමට හෝ ඥානසාර හිමියන් සහභාගි නොවිය යුතුව තිබූ බවද විමලජෝති හිමියන් අද දෙරණට කියා සිටියේය.

You might also like - මදි නොකියන්න තොරතුරු: