කලක් තිස්සේ පිරිමසා ගැනීමට මාන බලමින් සිටි ලකුණු අහේනිය සොදා හරිමින් සුපිරි පිතිකරු මහේල ජයවර්ධන තමාට සුපුරුදු එස් එස් සී පිටිය නැවත වතාවක් සිය අණසකට ගත්තේ බෙරලියන්ත ශතකයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ඔසවා තබමිනි.
අගනා ස්වීප් පහරකින් පන්දුව හතරේ සීමාවට යවා ඔහු සිය 34වන ටෙස්ට් ශතකය ලබා ගත්තේය.පන්දු 138කින් වාර්තා වූ මහේලගේ ශතකය එක්දින තරඟයක ශතකයක සිරි ගත්තේ පන්දු 13ක් හතරේ සීමාවෙන් ඔබ්බටත් එක් පන්දුවක් හයේ සීමාවටත් යවමිනි.
මහේලට අගනා සහයක් ලබාදුන් නායක මැතිවුස් නොදැවී ලකුණු 48ක් ලබා සිටී.කවදත් වසර 137 ක ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේදී කිසියම් පිතිකරුවකු විසින් තනිකී‍්‍රඩාංගණයකදී ලබාගන්නා ලද වැඩිම ලකුණු සංඛ්‍යාව සඳහා වන ලෝක වාර්තාවදහිමිකරගෙන සිටින මහේල ජයවර්ධන ලකුණු 2698 ක් ලබා 77.08කසාමාන්‍යක් රඳවාගෙන සිය ලකුණු උල්පත බවට කොළඹ එස්. එස්. සී තණ තීරුව පරිවර්ථනය කොටගෙන සිටී.
සිය ක්‍රිකට් ජීවිතයේ සුපිරිතම ඉනිම වන ලකුණු 374 දකුණු අප්‍රිකාවට එරෙහිව ලැබූ මේ තන තීරුව මහේලට නිවසේ කාමරය මෙන්හුරුපුරුදු එකකි. එය පසක් කරමින් තම අසාර්ථක ඉනිම් කිහිපයට විරාමය තබන්නටමහේල නැවත සමත් වූයේ 49වන අර්ධ ශතකය තම මල්ලට එකතුකර ගනිමිනි.පන්දුවාර 54කදී ලකුණු 212ක් ලබා සිටින ශ්‍රී ලකා කණ්ඩායමේ කඩුලු 3ක් බිඳ වැටී තිබේ.මේ වනවිට තේ පානය සඳහා තරඟය නතරකොට ඇත.
