Thursday, July 24, 2014

අවමංගල්‍ය රථය වනවාසලදී දුම්රියේ ගැටේ

වනවාසල දුම්රිය ස්ථානය අසළදී අවමංගල්‍ය රථයක් දුම්රියක ගැටීම හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

අද (24) ප.ව 1.25 ට පමණ පලෙයි සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවති නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඒ අනුව කොළඹ දෙසට ධාවනය වන දුම්රිය එක් මංතීරුවකට පමණක් සීමා වී ඇති බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කරයි.

You might also like - මදි නොකියන්න තොරතුරු: